ස්වර්ණාභිවන්දනා 2026′ ධාතු වන්දනා පිංකම සඳහා අගමැතිනිය සහභාගී වෙයි

​2026 වෙසක් පොහොය අරමුණු කර ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවිධානය කළ ‘ස්වර්ණාභිවන්දනා 2026’ ධාතු වන්දනා පිංකමට ඊයේ (03) වන දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.

මෙවැනි උතුම් ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට ලැබීම තමා ලද සුවිශේෂී භාග්‍යයක් ලෙස සලකන බවත්, මෙම ප්‍රදර්ශනයේදී සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම සීවලී, අංගුලිමාල, අනුරුද්ධ සහ මිහිඳු යන මහ රහතන් වහන්සේලා ඇතුළු උතුම් රහතන් වහන්සේලා රැසකගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවත් ජනතාවට උදා වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය ශුභාසිංසන එක් කරමින් පැවසුවා.

මෙවැනි ආගමික වැඩසටහන් සමාජයේ ආධ්‍යාත්මික වර්ධනයට මෙන්ම රටට ආශිර්වාදයක් ලබා ගැනීමට මහත් සේ උපකාරී වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.