දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වුණා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බවයි.
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 35ක පවුල් 1113කට අයත් පුද්ගලයින් 3475 දෙනෙකුට කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
