මොණරාගල දිස්ත්‍රික්කයේ දිට්වා වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.
චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සදහා වෙනත් කොට්ඨාසයකට ස්ථාන මාරුකර ඇත.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතිනවා.
