එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි බරකාහ්(Barakah) න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බටහිර දේශසීමාව දෙසින් පැමිණි ඩ්‍රෝන යානා තුනකින් දෙකක් විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. නමුත්, අනෙක් යානය න්‍යෂ්ටික බලාගාර සීමාවෙන් පිටත පිහිටි විදුලි ජනක යන්ත්‍රයක ගැටීමෙන් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
