අංක තහඩු එනකම් බලන් හිටපු අයට සුභ ආරංචියක්

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදු කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් විශේෂ ලියාපදිංචි අංක තහඩුවක් ලබා ගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක ප්‍රකාශ කර සිටියේ.