කරස්නාගල නඩත්තුවක් නිසා ගම්පහ ප්‍රදේශ රැසක කරාම වැසෙයි

අත්තනගල්ල කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අද (16) පෙරවරු 8.00 සිට හෙට (17) පෙරවරු 3.00 දක්වා පැය 19ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව ගම්පහ මහනගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල, මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

එමෙන්ම රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල, නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රාදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.