කුරුවිට බන්ධනාගාරය තුළත් නොසන්සුන්තාවක්

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් අතර අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බවයි බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ.

කෙසේ නමුත්, අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව ඇති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බවයි වාර්තා වන්නේ.