ගල්කිස්සේ රන් භාණ්ඩ සොරකමට සම්බන්ධ 4ක් අත්අඩංගුවට

දේපල සොරකමකට අවශ්‍ය කර සිටි සැකකාරියන් දෙදෙනෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.

2026.07.18 වන දින ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද නිවසක් බිඳ රුපියල් 14,100,000/= ක් (එක්කෝටි හතලිස් එක්ලක්ෂයක්) වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (06) දින දෙහිවල ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු හා හැටන් පතන ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කරන ලද රන් කරාඹු ජෝඩු 08ක්, රන් පෙන්ඩන් 04ක්, වළලු 01 ක්, රන්මාල 10 ක්, අත් පළඳනා 01 ක්, රන්මුදු 02 ක් ඇතුලු දේපල පොලිස් භාරයට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකාරියන් අවුරුදු 28, 46, 53 වයස්වල හා සැකකරු 28 වයසේ පසුවන හැටන් පතන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.