තෙවැනි පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා අද (07) අවසන් වනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරය අවසන් වන්නේ ලබන මස දෙවැනිදා බවයි.

සියලුම පාසල් සඳහා තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන මස 7 වන සඳුදා ආරම්භ වනවා.

එම පාසල් වාරය දෙසැම්බර් 4 වන සිකුරාදා දින අවසන් වීමට නියමිතයි.

2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වෙනවා.