කොටහේන ඝාතනයට අනුබල දුන් 5ක් අත්අඩංගුවට

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේදී පසුගිය (10) වන දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (17) උදෑසන සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගැනුණා.

මේ අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ දහවල් කාලයේ සිදුකළ මෙහෙයුමකදී එම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සහ අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 28ත් අතර වයස්වල පසුවන කොළඹ 15, මට්ටක්කුලිය, දොම්පේ සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය සහ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.