කොටා පාර දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය මාර්ගයේ සිදුකරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අද (06) උදෑසන 9:30 සිට හෙට (07) උදෑසන 7:30 දක්වා කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බවද සඳහන්.