කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ රන් සලකුණ නිවී යයි

බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වසය අවුරුදු 89 ක්.

ගාර්ෆීල්ඩ් සෝබර්ස් 1954 වසරේ සිට 1974 වසර දක්වා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් තරග 93කට තරග කර තිබෙනවා.

ඔහු එහිදී ලකුණු 8032 ක් රැස්කරගෙන ඇති අතර දවාගත් කඩුලු සංඛ්‍යාව 235 ක්.

වමත් පිතිකරුවෙකු වූ ගාර්ෆීල්ඩ් සෝබර්ස් 1958 වසරේදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 365 ක් රැස්කිරීමට සමත්වුනා.

එම ඉනිම වසර 36 ක කාලයක් පුරා ලොව ටෙස්ට් පිටියේ ක්‍රීඩකයෙකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්ව තිබුනා.

මීට අමතරව නොටිංහැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන්ද ක්‍රීඩාකල ගාර්ෆීල්ඩ් සෝබර්ස් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකල සේවාව සදහා 1975 වසරේදී නයිට් පදවියෙන්ද පිදුම් ලැබුවා.

මේ අතර විස්ඩම් ක්‍රිකට් සඟරාව මගින් නම්කල 20 වන සියවසේ විශිෂ්ඨතම ක්‍රීඩකයින් 05 දෙනාගේ නම් අතරටද ඔහුගේ නම ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.