ඊයේ (17) දින දහවල් කසාවත්ත, බටුගොඩ ප්රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.
මරණකරු අකුරණ රෝහලට රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බවට අලවතුගොඩ පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 49 ක් වූ අලවතුගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු නිවසක් ඉදි කිරීම සදහා කපා තිබූ ගෙපලක බේස් වලක් කපමින් සිටියදී මෙලෙස පස් කන්දක් කඩා වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
