ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය මඟින් නිකුත් කරන ලද 2026 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 14ක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 67 වන ස්ථානය දිනා ගැනීමට ලංකාව සමත් වුණා.
නවතම දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වීම විශේෂත්වයක්.
ලෝක ජනගහනයෙන් සියයට 99.7ක් ආවරණය වන පරිදි සකස් කරන ලද මෙම දර්ශකයට අනුව එහි ප්‍රථම ස්ථානය අයිස්ලන්තයට හිමිව පවතිනවා.
නවසීලන්තය, ස්විට්සර්ලන්තය, ස්ලොවේනියාව සහ අයර්ලන්තය එහි මුල් රටවල් පහ අතර පසුවන බව එම වාර්තාවේ සඳහන් වනවා.
කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථානය වන 163 වන ස්ථානය රුසියාවට හිමිව ඇති අතර සුඩානය, කොංගෝ රාජ්‍ය, යුක්‍රේනය සහ ඊශ්‍රායලය ද දර්ශකයේ පහළින්ම සිටින අනෙක් රටවල් වනවා.
ගෝලීය සාමයේ ප්‍රවණතා සහ සාමකාමී සමාජයන් ගොඩනැගීම පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මෙම වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති බව ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය වැඩිදුරටත් කියා සිටිනවා.
