ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞඛාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ස්තූතිය පළ කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉන්ධන සැපයුම් බාධා පිළිබඳව දින කිහිපයකට පෙර තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් එහිදී ඉන්දියාවේ කඩිනම් සහයෝගයට තමන් වෙත හිමිවූ බවත්ය.
