ඩෙල්ෆ් මගී බෝට්ටුවේ සිටි සියලු දෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි

යාපනය නාගදීප මුහුදේ අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව සඳහන් කරනවා.

අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් බෝට්ටුව මෙලෙස අනතුරට ලක් ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අයහපත් කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද මෙම මගී ප්‍රවාහන බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.

අනතුරට ලක්වන අවස්ථාවේ බොට්ටුවේ ඔපරේටර්වරු දෙදෙනෙක් අතුළුව පුද්ගලයින් 10 දෙනෙකු සිට තිබෙනවා.

මෙම පිරිස ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කර තිබෙනවා.