පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ පුණානි ප්රදේශයේදී ඊයේ (01) දින රාත්රී මඩකලපුව දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් හා පුද්ගලයින් දෙදෙනෙකු වැලිකන්ද හා වාලච්චේන රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් පසු වැලිකන්ද රෝහල ඇතුලත් කළ පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 20 ක් වූ වාලච්චේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට සම්බන්ධ ටිපර් රථයද පෙරළී ගොස් ඇති අතර රියැදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇත.
වාලච්චෙන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
