නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එල්ලගල ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, ඊයේ (12) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරුණා.
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එල්ලගල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් ඇතුළු එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාවය ලුණුගම්වෙහෙර ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් සම්පාදනය කෙරුණද, වකුගඩු ආශ්‍රිත රෝගීන් වාර්තා වන මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සපුරා ගැනීම වසර ගණනාවක් පුරා නොවිසඳී පැවති ගැටළුවක් විය.
ඒ අනුව, එම අවශ්‍යතාවය හඳුනාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ පෙරේරා සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, එල්ලගල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එල්ලගල ප්‍රාථමික විදුහලේ සිසු දරුදැරියන් මෙන්ම එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමත් සමඟ, නාවික හමුදාවේ දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1,162ක් ජනතා අයිතියට පත්කර ඇත.
