දිවයින පුරා ඊයේ (21) දින සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහව, ඇලවක ප්‍රදේශයේදී මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 771 ක් සමඟ සැකකරුවෙකු හා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 77 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 44 ක් වන නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 45 ක් වන පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මේ අතර නිට්ටඹුව, කලුවාගස්විල ප්‍රදේශයේදී නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 135 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 38 ක් වන කැන්දලන්දවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර නගරයේදී උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 255 ග්‍රෑම් 240 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110 මිලිග්‍රෑම් 370 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 25 ක් වන දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
