නීති විරෝධී දුම්වැටි සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය

2026.08.13 වන දින රාත්‍රී කාලයේ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපල උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 44000 ක් (කාටුන් 220) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35 ක් වන ඉන්දියානු ජාතිකයෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන් තොටුපොල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. වැටලීමට අදාල ඡායාරූප හා වීඩියෝ පටයක් මේ සමඟ යොමු කරමි.