නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක, අනුරාධපුර යන ප්‍රදේශවලින්.
ඊයේ (09) දින සවස කටුනායක, හීනටියන ප්‍රදේශයේදී කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 236 මිලි ලීටර් 250 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 31 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තවද, අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (09) දින සවස අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති වරෝධී මත්පැන් ලීටර් 54 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අනුරාධපුර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 33 ක් වන ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනුරාධපුර සහ කටුනායක පොලිසි විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
