තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය අද (10) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති කාලික වකුගඩු රෝගයට පිළියමක් ලෙස නව ජල සැපයුම් පද්ධතියක් ඉදිකිරීම මඟින් සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා එම ප්‍රදේශවල සමාජ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03හි පිහිටි ග්‍රාම නිලධාරී වසම් 42ක් තුළ ජීවත් වන 91,810ක් වූ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.
මෙමඟින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීම ඉලක්ක කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (CDB) ලබා දුන් සහන ණයක් යොදාගත් අතර, මෙය ජාතික වශයෙන් වැදගත් වන අතිවිශේෂ ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇත.
2022 මැයි මස සිට 2024 ජනවාරි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා.
නව රජය පත්වීමත් සමඟ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යොදවමින් මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කිරීමට හැකි විය.
