එල්නිනෝ බලපෑමෙන් වැසි රහිත තත්වයක් පැවතියද මාස 03 ක කාලයක් බස්නාහිර පළාතට අඛණ්ඩව ජල සැපයුමක් පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව, අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
ලබුගම හා කලටුවාව ජලාශවල දැනට පවතින ජල ධාරිතාව ඒ සඳහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
ලබුගම ජලාශයේ තත්වය පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුනා.
2027 වනවිට බස්නාහිර පළාතට කුමන තත්වයක් යටතේ වුවත් අඩුපාඩුවකින් හා බාධාවකින් තොරව අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබැලීම එහි අරමුණයි.
