වත්තල, වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය 23 වන දින වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) දින සවස සීදූව, මූකලන්ගමුව ප්‍රදේශයේදී සැකකරුවන් පැමිණි මෝටර් රථය කුලී පදනම මත ලබා ගැනීමට ඔහුගේ ගිණුමෙන් මුදල් බැර කරමින් අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 24 ක් වන මූකලන්ගමුව, සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.