පවතින අයහපත් කාලගුණය සමග මාතර දිස්ත්‍රික්කයට ඊයේ (12) රාත්‍රී සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මාර්ග කිහිපයක්ම ගංවතුරින් යටව තිබෙනවා.
අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය පානදුගම කොටසින්, අකුරැස්ස – මාරගොඩ මාර්ගය මාරගොඩ පිටවානෙන්, අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය හෝන්දුගොඩ ප්‍රදේශයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එමෙන්ම අකුරැස්ස ගාල්ල මාර්ගයේ කනංකේ නගරාසන්නයේත්, දෙයියන්දර සීනිපැල්ල මාර්ගයේ වැලිතුඩුව පාලම අසලත් මාකඳුර නගරයේත් ගංවතුරින් යටව තිබෙනවා.
