යුද ගිනි මැද, නිහඬ වන දහස් ගණනකගේ හුස්ම

අමෙරිකාව, සහ ඉරානය අතර දින 20 ක් පුරා පවතින ගැටුම්වලින්, ඉරානයේ මියගිය සංඛ්‍යාව 1,444 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

18,550 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් ඊශ්‍රායලය වෙත එල්ල කෙරුණු ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 17 දෙනෙකු මියගොස් ඇති අතර 3,727 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගැටුම් හේතුවෙන් කුවේට් රාජ්‍යයේ ද 6 දෙනෙකු මියගියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 8 දෙනෙකු සහ ඕමාන් හි තිදෙනෙකු ද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයන් අතර ඉරානයට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ලෙබනනයෙන්. එරට 912 දෙනෙකු මියගොස් තිබෙනවා.

2,220 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ඉරානයෙන් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර හමුවේ අමෙරිකානු හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති අතර 200 දෙනෙකු පමණ අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි අල් ජසීරා මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.