ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංගට, ස්වීඩනයේ සිට ආනයනය කෙරුණු නව හෙල්ල කට්ලයක් ප්රදානය කිරීම අද සිදුකෙරුණා.
ඒ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්.
පසුගිය වසරේ හංගේරියාවේ බුඩාපේස්ට් හිදී පැවති “වර්ල්ඩ් අල්ටිමේට්” මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමෙන් පසු, යළි මෙරටට පැමිණෙන ගුවන් ගමනේදී රුමේෂ් තරංගගේ හෙල්ල 5 කට හානි සිදුවුණා.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ස්වීඩනයෙන් මෙම නව හෙල්ල කට්ටලය ආනයනය කර තිබෙන්නේ ඒ අනුවයි.
අද ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල මෙම හෙල්ල පහ රුමේෂ් තරංගට ප්රදානය කෙරුණා.
එම අවස්ථාවට ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
මේ වනවිට ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රුමේ තරංග, පසුගිය වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙල, ආසියානු ක්‍රීඩා උලෙල, ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු තරග රැසකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුණා.
