ශ්‍රී ලාංකීය තේ සඳහා ජාත්‍යන්තර තිරසාර සහතිකකරණ වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡාවක් සිදු කරන ලදි.
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ තිරසාරත්වය තහවුරු කිරීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සහතිකකරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (SL-GAP) හඳුන්වා දෙමින්, තේ වගා කිරීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය විද්‍යාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිදුකරන බව සහතික කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන හරහා දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ට ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු තේ නිෂ්පාදනයක් ලබා දීමත්, ශ්‍රී ලාංකීය තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ විශ්වාසය වර්ධනය කිරීමත් අපේක්ෂිතය.
ඒ සමඟම, තිරසාරත්වය සම්බන්ධ ජාත්‍යන්තර ISEAL සහතිකකරණය ලබාගැනීම සඳහා යුනිලිවර් ආයතනය විසින් අනුග්‍රහය ලබා දීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය නෛතික තත්ත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පෙරවරුවේ කොල්ලුපිටියේ පිහිටි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණි.
