ලෝකයේ හොඳම වරායන් 20 අතරට කොළඹ වරායත්

කොළඹ වරාය ලෝකයේ හොදම වරායන් 20 අතරට තේරී පත්වී තිබෙනවා.

එහි බහාලු මෙහෙයුම්වල ඇතිවු සීඝ්‍ර වර්ධනයත් සමග මාස 6 ක් ඇතුළත මෙහෙයුම් ධාරිතාව සියයට 12 කින් පමණ ඉහළ යෑම මීට හේතුවයි.

නවතම දත්තවලට අනුව මේ වසරේ පළමු භාගය තුළ 2025 වසරේ මෙම කාලයට වඩා සියයට 11.9 ක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට කොළඹ වරායට හැකිවී තිබෙනවා.

පසුගිය වසරේ ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොළඹ වරායට හිමිවූයේ 26 වැනි ස්ථානයයි.

මෙම අඛණ්ඩ වර්ධනයත් සමග ඉන්දියන් සාගරයේ ප්‍රමුඛ ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ඇති වැදගත්කම තවදුරටත් තහවුරු වන බවයි ලොව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.