වෙනිසියුලාවේ තෙල් බිම් අමෙරිකානු සමාගම් අතට ?

අමෙරිකාව වෙනිසියුලාවේ බොරතෙල් සංචිත වෙත දීර්ඝකාලීන ප්‍රවේශයක් ලබාගැනීමේ ගිවිසුමකට එළඹීමට කටයුතු කරමින් සිටිනවා.

එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමඟින් වෙනිසියුලානු තෙල් බිම් සමූහයක බලපත්‍ර අමෙරිකානු සමාගම් වෙත හිමි වනවා.

අදාළ නෛතික රාමුව සැකසීම සඳහා ‘බදු දීමේ’ (LEASE) පදනම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

පසුව වෙන්දේසි ක්‍රමවේදයක් ඔස්සේ අමෙරිකානු නිෂ්පාදකයින් අතර එම තෙල් බිම් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවට ලක්ව ඇති තෙල් බිම් 17 ලැයිස්තුවට ඔරිනොකෝ තීරයේ පිහිටි නව තෙල් බිම් මෙන්ම මාරකයිබෝ විල ආශ්‍රිත පැරණි තෙල් බිම් ද ඇතුළත් වෙනවා.

ඉන් කිහිපයක් දැනටමත් හිටපු ජනාධිපති නිකොලස් මදුරෝගේ පාලන සමයේ අත්සන් කරන ලද ගිවිසුම් යටතේ චීන සමාගමක් විසින් මෙහෙයවනු ලබන බවයි වාර්තා වන්නේ.