ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (06) දින දහවල් මීගලෑව පොලිස් වසමේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සහය ඇතිව වැටලීමක් සිදුකර ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන මීගලෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 33 හා 62 වයස්වල පසුවන මීගලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ පරීක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මීගලෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
