ඒහිපස්සිකෝ සාම පා ගමන මාතලේ අළුවිහාරය විහාරස්ථානයේ සිට මහනුවර දක්වා මේ වන විට ක්‍රියාත්මක වනවා.
කිලෝමීටර් 46ක දුරක් ඊයේ දිනයේ සාම පාගමන ක්‍රියාත්මක කෙරුණා.
දඹුල්ලේ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේ අළුවිහාරයේ විහාරස්ථානයට ළගා වුයේ අද අළුයම 12.20ට පමණයි.
අළුවිහාරයේ විහාරස්ථානයට භික්ෂුන් වහන්සේ වැඩම කරවීමත් සමග ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරය ද වැඩම කරවීම සිදුවුණා.
නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ජය ශ්‍රී මහා බෝධි අංකුරය විහාරස්ථාන පරිශ්‍රයට වැඩම කරවීමට එක්වුණා.
අද උදෑසන මාතලෙන් ආරම්භ වූ සාම පාගමන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ක්‍රියාත්මක වනවා.
භික්ෂුන් වහන්සේගේ මෙම සාම පාගමනට බාධාවක් නොවන ලෙස මාර්ගයේ පසෙකට වී ඉඩ ලබාදෙන්නැයි ආරක්ෂක අංශ ඉල්ලා සිටිනවා.
