හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) දින රාත්‍රී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 50 ක්, හෑෂ් ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 660 ක්, කුෂ් ග්‍රෑම් 74 මිලිග්‍රෑම් 450 ක් සහ තීරු බදු නොගෙවා මෙරටට රැගෙන එන ලද දුම්වැටි 8800 ක් සනතකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 26 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.