13 වියැති චීන යොවුන් ක්‍රීඩිකා ”යූ සිඩි ” මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ තුන් වැනි රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වුණා.
මීටර 400 මිශ්‍ර කේවල කාන්තා පිහිනුම් ඉසව්ව ඇය අවසන් කලේ මිනිත්තු 4යි තත්පර 28යි දශම 5යි 6ක කාලයක් වාර්තා කරමින්.
ඇය ඉන් ජය ගත්තේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින්.
ඒ අනුව එම ඉසව්වට මේ වසරේදී ක්‍රීඩිකාවක් සටහන් කළ සිව්වැනි වේගවත්ම කාලය මෙය වනවා.
මෙම ක්‍රීඩා උළෙලේ මීටර 200 සමනල ආර සහ මීටර 200 මිශ්‍ර ආර කාන්තා පිහිනුම් ඉසව්වල රන් පදක්කම්ද ”යූ සිඩි” දිනා ගත්තා.
