17 හැවිරිදි ෂින් ඕහාෂිගෙන් නව ලෝක වාර්තාවක්

ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 200 ලය ආර තරග ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ජපානයේ 17 හැවිරිදි ක්‍රීඩක ෂින් ඕහාෂි සමත්ව තිබෙනවා.

ඒ අනුව, ටෝකියෝ හිදී පැවැති මෙම තරගයේදී ෂින් ඕහාෂි තත්පර 2:04.83 ක කාලයක් සටහන් කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට ද සමත් වුණා.

ඔහු විසින් බිඳහෙළුවේ 2023 ෆුකෝකා හි පැවැති ලෝක ශූරතාවලියේදී චීනයේ කින් හයියාං තබා තිබූ තත්පර 2:05.48 ක ලෝක වාර්තාවයි.

මෙම ඉසව්වේ රිදී පදක්කම කසකස්ථානයේ ඩෙනිස් පෙට්‍රාෂොව් හිමිකර ගත් අතර, ලෝකඩ පදක්කම දකුණු කොරියාවේ චෝ සුං ජේ හට හිමිවුණා.