“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය අද (02) ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් සියලු දිස්ත්‍රික්ක වෙත නිදහස් කර තිබෙනවා.
“ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්” වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය අද (02) පෙරවරු 9.00ට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්පිටිය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.
