පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයට විද්‍යුත් ආරෝපණ රථ 10ක්

දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන නව සංචාරක ප්‍රවාහන රථ 10ක් පරිත්‍යාග කිරීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කර තිබෙනවා.

සම්පූර්ණයෙන්ම රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ මෙම රථ ප්‍රදානය, උද්‍යානය තුළ දීර්ඝ කාලයක සිට පැවති ප්‍රවාහන අවශ්‍යතාවයක් සපුරාලීමක්.

දිනපතා උද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන විශාල සංඛ්‍යාවක් වූ දේශීය හා විදේශීය සංචාරකයන්ට, පරිසර හිතකාමී සේවාවක් ලෙස මෙම විද්‍යුත් රථ භාවිත කරමින් උද්‍යානයේ සෑම අංශයක්ම ඉතා පහසුවෙන් නැරඹීමට මේ හරහා අවස්ථාව හිමි වනවා.