දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල ඇති කේබල් කපා සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) වන දින සවස වැටලීමක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 700 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධව සිදු කළ විමර්ශනයේදී මොවුන් විසින් රුපියල් 922,750/- (නව ලක්ෂ විසි දෙදෙහස් හත්සිය පනහක්) පමණ වටිනාකමින් යුතු කේබල් කපා සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් වයස අවුරුදු 27 හා 34 ක් වන රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
