මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සදහා ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද (14) දින ආරම්භ කර තිබෙනවා.
ඒ පසුගිය 12 වැනිදා, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඩෙංගු මර්දන කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීරණයකට අනුවයි.
මෙහි දී මාතර නගර සීමාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස 07 ක් ආවරණය වන පරිදි නිවාස පරික්ෂාව, නිවැසියන් දැනුවත් කිරීම හා උපදෙස් ලබාදීම සිදු කෙරේ.
ඩෙංගු මර්දනයට අදාළ නීති උල්ලංඝනය කරන පිරිස් සදහා ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මේ සදහා නාගරික මන්ත්‍රීවරුන්, හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ප්‍රජා සංවර්ධන නිලධාරීන්, ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් සම්බන්ධ වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක් මේ සදහා සහාය දක්වයි.
