බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය (03) වන දින දෙමටගොඩ පොලිස් වසමේ නිවසක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී. 56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (16) දින අළුයම කාලයේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉහත වැටලීම සිදු කරන අවස්ථාවේ ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි ඉහත අපරාධයන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා සැකකාරියක් කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා සැකකාරිය අවුරුදු 28 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් විසින් අපරාධමය කටයුතු වලට භාවිතා කරන ලද බවට සැකකරන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
