රුමේෂ්ගෙන් ලක්මවට තවත් පදක්කමක්

🏅

චෙක් රාජ්‍යයේදී පැවැත්වෙන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් හිමි කර දීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.

රුමේෂ්, මෙහිදී දැක්වූ දක්ශතාව මීටර 86.57ක්.

ඒ අනුව ඔහුට මෙම ඉසව්වේ රන් පදක්කම හිමි වුණා.

එම ජයග්‍රහණයත් සමඟ රුමේශ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.