ඇඹිලිපිටියේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට අද (19) දින පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.