පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹගල්ල, ගල්පොල්ලන්ද රක්ෂිත ප්රදේශයේදී ඊයේ (18) දින උදෑසන දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඇත.
සැකකරුවන් අවුරුදු 21 ත් 61 ත් අතර වයස්වල පසුවන දඹගල්ල, මරදන්කඩවල, ග්රෑන්ඩ්පාස්, මාතර හා මීගලෑව ප්රදේශවල පදිංචිකරුවන්.
දඹගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
