දියර ආහාරවල තිබිය යුතු සීනි මට්ටම සංශෝධනය කරමින්, ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
නව සංශෝධන අනුව දියර ආහාරවල අන්තර්ගත සීනි ප්‍රමාණයන් රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගීකරණයට ලක් කිරීමේදී, අන්තර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමාණය තවදුරටත් අඩුකර තිබෙනවා.
ඒ අනුව: රතු වර්ණයෙන් නිරූපිත මිලිලීටර් 100ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණය 11 සිට 8 දක්වා අඩුකරයි.
ඇම්බර් වර්ණයෙන් දක්වන සීනි ප්‍රතිශතය ද මිලිලීටර් 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරාසය දක්වා අඩුකර ඇතැයි සඳහන්.
කොළ වර්ණයෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 2.5ට අඩු විය යුතුයි.
ඊට අමතරව අදාළ සංකේත ලාංඡන ඇසුරුම් මත ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වන විකල්ප ක්‍රම ද නව සංශෝධනවලට ඇතුළත්.
එම ගැසට් නිවේදනය පහතින්,


