මීගමුව බන්ධනාගාරය තුළ අද උදේ යළිත් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
ඊයේ ඇතිවූ ගැටුම්වලින් පසු අද උදෑසන වන විට එම තත්වය පාලනය කර තිබුණා.
රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින්.
රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිරිසක් අතර ඊයේ ගැටුම හටගෙන තිබෙනවා.
සිද්ධියෙන් දෙදෙනකු මියගිය අතර, තවත් රැදවියන් 34 දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කෙරුණා.
බරපතල තුවාල ලැබූ රැඳවියන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බන්ධානාගරයේ රැදවියන් පිරිසක් එහි වහලය මත නැග විරෝධය පළ කළ අතර, ඉන් ඇදවැටුණු තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
