නෙත්මි ලක්මව බබළවයි

වයස අවුරුදු 23න් සහ 17න් පහළ ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත් වුණා.

තරගාවලිය ජුනි මස 18 සිට 27 දක්වා වියට්නාමයේදී පැවැත්වෙනවා.

තරගාවලියේ කාන්තා වයස අවුරුදු 23න් පහළ ඉසව්වේ කිලෝග්‍රෑම් 57 බර පන්තියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි අහින්සා සමත් වුණා.

ඇය මූලික වටයේදී චීන තායිපේ ක්‍රීඩිකාවක් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

නමුත් එහිදී උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වන්නට ඇයට සිදුවුණා.

තෙවන ස්ථානය වෙනුවන් පැවති තරගයේදී උස්බෙකිස්තාන ක්‍රීඩිකාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගන්නට නෙත්මි අහිංසා සමත් වුණා.