ඩෙංගු අධි අවදානම් කලාප 63ක විශේෂ මදුරු මර්දන මෙහෙයුමක් අද ආරම්භ කෙරුණා.
ඒ ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණයෙන්. එම වැඩසටහන දින 26 ක් ක්‍රියාත්මක වනු ඇති.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් පැවැත්වුණා.
විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන පිරිසිදු කෙරුණා.
විශ්වවිද්‍යාල ප්‍රජාවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු රෝගය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණිනුයි මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ.
උපකුලපති, මහාචාර්ය ටෙරන්ස් මදුජිත් ඇතුළු අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ විද්‍යාර්ථයින් පිරිසක් මීට එක්ව සිටියා.
