CCWE Fashion Week ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අගමැති ප්‍රධානත්වයෙන්

ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය සංවිධාන කරන CCWE ෆැෂන් වීක් ඇන්ඩ් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ කොළඹදී පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

මෙම සමුළුව සංවිධාන කර තිබුණේ විලාසිතා දැක්ම, විලාසිතා ක්ෂේත්‍රය තුල කාන්තා සහභාගීත්වය, කාන්තා සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය හා සමාජ පරිවර්තනය සඳහා වේදිකාවක් සහ කතිකාවක් නිර්මාණය කිරි‍මේ අරමුණින්.

දකුණු ආසියාව පුරා සිටින කාන්තා ව්‍යවසායකයින්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මීට එක්ව සිටියා.

නවෝත්පාදනය, නායකත්ව සහ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම කාන්තාව සවිබල ගන්වන ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙහි ප්‍රමුඛතම අපේක්ෂාවයි.