අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට

හුංගල්ල, ගල්බොක්ක ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහුංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204 මිලිග්‍රෑම් 660ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19ක් වන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.