ජපානය පරදා ඉන්දීය කාන්තාවන් අවසන් පූර්ව සටනට

ආසියානු ක්‍රීඩා උලෙළේ, කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

ඒ, ජපානය සමග පැවති සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 8 කින් ජය ගනිමින්. තරගය ජපානයේ නිෂින් හිදී පැවැත්වුණා.

කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ජපානයට ලබා දුන්නා.

ඒ අනුව, ඔවුන් පන්දුවාර 19 යි පන්දු 5 ක් තුළ සියලු‍දෙනා දැවී ලකුණු 57 ක් ලබා ගත්තා.

අයකා කටෝ ලකුණු 25 යි. පන්දු යැවීමේදී ඉන්දීය ක්‍රීඩිකා ශ්‍රී චරනි කඩුලු 4 ක් දවා ගත්තා.

ලකුණු 59 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 59 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. ශෆාලි වර්මා නොදැවී ලකුණු 40 යි.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගට ඉන්දියාව, බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා තරග වැදීමට නියමිතයි.